වීරවංශ සමාජමාධ්‍ය තුල හාෂ්යයට ලක්වීම නිසා තල් සංවර්ධන මණ්ඩලයේ නාමපුවරුව වෙනස් කරයි.
පසුගිය 18වනදා මන්නාරමේදී විවෘත කරන ලද තල් කෙදි සැකසුම් මධ්‍යස්ථානයේ නාමපුවරුව ඇමතිවරයා එහි සේවකයින් ලවා අද දින ලහි ලහියේ වෙනස් කිරීමට කටයුතු කර තිබේ. ඊට හේතුවුයේ සමාජ මාධ්‍ය හරහා විමල් වීරවංශ දැඩි හාෂ්යයට ලක්කිරීම බව අදාල සේවකයින් වාර්තා කරයි. පසුගිය 18 වනදා විවෘත කරන ලද නාමපුවරුව අද(20) කොළඹින් කරන ලද දැනුම් දීමකට අනුව වෙනස් කර තිබේ. අද(20) දිනය තුල එය වහාම වෙනස්කර එහි ඡායාරෑප කොළඹට ලබාදෙන ලෙස අමාත්‍යංශයෙන් බලපෑමි කර ඇති අතර ඒ අනුව පැය 72කට පසුව අද(20) හවස් වනවිට එය සම්පුරුණ කර අදුර වැටුනු මොහොකේ එහි ඡායාරූප ගෙන කොළඹට එවා තිබේ.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර විමල් වීරවංශ ඇමතිවරයාගේ නිල පේස්බුක් පිටුවේ එම වෙනස් කරන ලද නාමපුවරුවේ ඡායාරූප පලකර ඇත.
එහි … “උතුරු නැගෙනහිර රාජ්‍ය කර්මාන්ත නිරීක්ෂණය කිරීමේ සිව්දින නිල සංචාරයට සමාගමීව මන්නාරම තල් කෙදි සැකසුම් මධ්‍යස්ථානය මා අතින් විවෘත වූයේ පසුගිය සෙනසුරාදා ය.එහි නාමපුවරුවේ වූ අඩුපාඩුව වහා නිවැරදි කරන ලෙස මා ඒ මොහොතේදීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුනිමි “ යනුවෙන් සදහන්වේ.
කෙසේ වෙතත් මෙම නිවැරදි කිරීම සමාජමාධ්‍ය තුල හාෂ්යයට ලක්වීම නිසා සිදුකරන ලද්දක් වන අතර මෙහි සදහන් පරිදි එදිනම උපදෙස් ලබාදුන්නේනම් ඇමතිවරයාගේ නිල පේස්බුක් පිටුවේ එම වැරදි ඡායාරූපය පලකරන්නේ නැත. ඇමතිවරයා එම අවස්ථාවේම අදාල මැදිහත්වීම සිදුකලානම් එය මාධ්‍යයට වාර්තා නොවන්නේ මන්ද? විමල් වීරවංශ වැනි අයෙක් එවැනි දෙයක් ප්‍රකාශ කලානම් එය එදිනම මාධ්‍යවල පලවන අතර එය ඔවුන්ට හොද ප්‍රවෘත්තියක්ද වන්නේය.
නමුත් ඇත්ත හේතුව ඇමතිවරයා ජනාධිපතිවරණ සමයේ දෙමළ භාෂාව මුලින් සදහන් වු පලාලී ගුවන් තොටුපලේ නාමපුවරුව දැඩිසේ විවේචනය කිරීම නිසා පසුගිය දින දෙක පුරා සමාජමාධ්‍ය තුල වීරවංශ ඇමතිවරයා දැඩි හාෂ්යයට හා සමච්චලයට ලක්කරමින් විශාල පිරිසක් විවිධ පෝස්ට් සහ වීඩියෝ පලවීමයි. ඒ අනුව සත්‍ය ලෙසම සිදුවුයේ අදාල සේවකයින්ට දැඩි බලපෑමි කර අද දවස තුල මෙම නාමපුවරුව වෙනස්කර ඡයාරූප ලබාගෙන ඇති බවයි.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ගැන කතා කල විමල්ගේ රෙදි ගැලවේ. ඡන්දයට පෙර විමල් සහ ඡන්දයට පසු විමල් (VIDEO) https://www.facebook.com/colomboxnews/videos/2536957593207702/

.
ඇමතිවරයා විසින් අද රාත්‍රී කොළඹට ගෙන්වා ගන්නා ලද ඡායාරූප ඔහුගේ නිල පේස්බුක් පිටුවේ පලකර ඇති ආකාරය. මෙම ඡායාරූප අද සවස අදුරු වැටුන් පසු ලබාගක් ඒවා බව ඉතා හොදින් පෙනේ.
