ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

ලෝකයේ මිටිම මිනිසා වු නේපාල ජාතිකයා ලොවම හැර යයි

ලෝකයේ මිටිම මිනිසා වශයෙන් ගිනස් වාර්තාව හිමි කරගෙන සිටි නේපාල ජාතිකයා මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ගිනස් වාර්තාවට හිමිකම් කියා තිබුනේ කාගේන්ද්‍ර තාපා මාගර් නමැති නේපාල ජාතිකයාය.

සෙන්ටිමීටර් 67 යි මිලිමීටර් 08 ක් හෙවත් අඩි දෙකකට වඩා මදක් උසැති කාගේන්ද්‍ර තාපා ලොව මිටිම මිනිසාට හිමි ගිනස් වාර්තාවට නිළ වශයෙන් හිමිකම් කීවේ 2010 වසරේදීය.

එතැන් පටන් වසර 10 ක් ඔහු ගිනස් වාර්තාව සතු කරගෙන සිටි අතර මියයන විට ඔහු 27 හැවිරිදි වියේ පසුවිය.

නේපාල අගනුවර වන කත්මන්ඩු නගරයෙන් කිලෝමීටර් 200 ක් දුරින් පිහිටි රෝහලකදී ලොව මිටිම මිනිසා ඊයේ (17) මියගොස් තිබුණේ නියුමෝනියා රෝගය වැළඳීමෙනි.