එ.ජා.පෙ නායකත්වය ගැන අවසන් තීරණය අද
ඉදිරි මහමැතිවරණය මෙහෙයවීම සදහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (16) ගනු ලබයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත නව නායකත්ව මණ්ඩලය පිහිටුවිමට යෝජිතය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (16) පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නායකත්ව මණ්ඩලය පිහිටුවිම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බහුතර අනුමැතිය විමසීමට නියමිතව පවතී.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමට අනිවාර්‍යයෙන්ම සහභාගී වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ සියලූම මන්ත‍්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පියවර ගත්තේය.