හැරී-මේගන්ට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට මහ රැජිනියගේ අවසර
හැරී කුමරුට සහ මේගන් කුමරියට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට දෙවන එළිසබෙත් මහ රැජිනියගේ අවසරය හිමිව ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔවුන්ට කැනඩාවේ සහ එක්සත් රාජධානියේ කාලය ගත කළ හැකි සංක්රාන්ති කාල පරිච්ඡේදයක් ලබාදීමට රජ පවුල එකඟ වී ඇත.
රැජින විසින් මේ බව ප්රකාශයට පත් කර ඇත්තේ රජ පවුලේ සාමාජිකයන් සමඟ සැන්ඩින්හ්රැම් මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රාජකීය පවුලේ පූර්ණකාලීන සාමාජිකයන් ලෙස ඔවුන්ව දැකීමට ආශා කළ ද ස්වාධීන පැවැත්මකට ඇති ඔවුන්ගේ කැමැත්තට මුළුමනින්ම ගරු කරන බව මහරැජින විසින් විශේෂ ප්රකාශයකින් දන්වා ඇත.
රාජකීයත්වයෙන් ඉවත් වී ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවට සසෙක්ස්හි ආදිපාද යුවළ පසුගියදා කළ ප්රකාශය රජ පවුල ඇතුළු ලොවම අපේක්ෂා නොකළ පුවතක් විය.