ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහ ඡන්දයට ස්වාධීනව එනවා.. දිනුවොත් පාර්ලිමේන්තු එනවා පැරදුනොත් සිනමාවට එනවා.

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට හිස නමන බවත්, මීළඟ මහ මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ප්‍රකාශ කරයි.
 
 සිය පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
 මට ලිපියක් ආවා. මේක පක්‍ෂය විසින් ගත් තීරණයක් නේ. මම නිදහස්, අදහස් ප‍්‍රකාශ කරන කෙනෙක්. එතකොට පක්‍ෂයක ඉන්නත් අමාරුයි. පක්‍ෂයක ඉඳලා ඒ පක්‍ෂයෙන් අයින් කළාම ඒකට මඩ ගහන කෙනෙක් නොවෙයි මම.
 
 ඒ නිසා මම තීරණය කරලා තිබෙනවා ස්වාධීනව ඉල්ලන්න. දිනුවොත් පාර්ලිමේන්තු එනවා පැරදුනොත් සිනමාවට එනවා. ඒත් කොහෙන්ද ඉල්ලන්නේ කියලා තීරණය කරලා නෑ. මම නිදහස්ව කියන කාරණා පක්‍ෂයට සදාචාරාත්මක නොවෙන්න පුළුවන්.
 
 වංචාකාරයෝ, දූෂිතයෝ, මිනීමරුවෝ, එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ, ස්තී‍්‍ර දූෂකයෝ අත්අඩංගුවට ගන්න මම කතා කළා. ඒකේදි මගේ ක‍්‍රමය වෙනස් වෙන්න පුළුවන්. සරදියෙල්ගේ ක‍්‍රමය වෙන්න පුළුවන්. ඒත් මගේ අදහස් බොහොම පිවිතුරුයි. මම නිසා පක්‍ෂය හිරවෙලාත් තිබුණනේ. දැන් ඒ ප‍්‍රශ්නය විසඳෙනවා.
 
 එක් වරක් මා එපා නම් සියදහස් වාරයක් මට එපා කියලා මගේ විජේ මාමා සිංදුවකුත් කිව්ව නේ. ඒ වගේ තමයි මමත්. මගේ අගය පස්සෙ තේරෙයි. මම පක්‍ෂය වෙනුවෙන් විශාල දෙයක් කළා. මම සිනමාවේ හිටියේ ස්වාධීන අයෙක් විදිහටයි. ඒත් 2006 දී මට ආරාධනා කළා දේශපාලනයට එන්න කියලා. එහිදී මම යූඑන්පී නළුවෙක් වුණා. අනෙක් රසිකයෝ මගෙන් ඈත් වුණා. දැන් ඉතිං මම ස්වාධීනයි නේ.