ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

ලොවම කම්පා කරමින් ඕස්ට්‍රේලියාව ඔටුවන් 10,000 ක් මරා දමයි.

ඕස්ට්‍රේලියාව ඔටුවන් 10,000 ක් මරා දමන්නට තීරණය කර ඇති බව වාර්තා වෙයි. දකුණු දිග ඕස්ට්‍රේලියාවේ වාසය කරන මෙම ඔටුවන් මරා දැමීමට තීරණය කර ඇත්තේ , වැඩිපුර ජලය පානය කරනවා යැයි කියාය. මෙම ඔටුවන් වැඩිපුර ජලය පානය කරන බැවින් , ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යාමත් ඒ නිසාවෙන් එය නියඟයට හේතුවක් වී ලැවු ගිනි හටගන්නා බවත් එරට රජය විශ්වාසය පල කරයි.

ඔටුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේ ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමකට අනුවය.

ඇබොරිජින්ල් යනු ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් හෙවත් එරට ස්වදේශික වැසියෝය.

ඔටුවනට ජලය නොමැතිව දින ගණනක් සිටිය හැකි වුවද විශාල ජල ප්‍රමාණයක් එකවර පානය කරති.

වියළි කාලගුණයත්, පැතිර යන ළැව් ගිනි තත්ත්වයත් හේතුවෙන් කැන්යිප් ඇබොරිජින්ල් වැසියන් ජීවත්වන පළාතේ ජලාශ සහ පොකුණුවල ජලය තවත් අඩු වී ඇත.

වනසතුන් බොහෝ දෙනකු මේ වන විට ජලය නොමැතිව මියගොස් ඇතැයිද පැවැසේ.

මධ්‍යම සහ බටහිර ඕස්ට්‍රේලියාවේත්, උතුරු පළාත්වලත්, දකුණු ඕස්ට්‍රේලියාවේත්, ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේත් ශුෂ්ක කාන්තාරබද ප්‍රදේශවලත් ඔටුවෝ නිදැල්ලේ වාසය කරති.

මේ අතර, ලැව් ගිනිවලට කොටුවීමෙන් මියගොස් ඇතැයි පැවැසෙන ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික සතුන් ගණන මිලියන 480 ක් බවද ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.