ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“MCC ගිවිසුම අත්සන් කිරීමට තවම රජය තීරණයක් ගෙන නැහැ” – ඩලස්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම අත්සන් කිරීමට තවම රජය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

රජය ඉදිරි සති කිහිපයක් තුළ මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්දයෙන් තීරනයක් ගන්නා බවත් මේ වනවිට රජය එම ගිවිසුම අධ්‍යනය කරමින් සිටින බවත් ඒ මහතා පැවසීහ.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.