ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ස්විස් තානාපති කාර්යාලය වීසා නිකුත් කිරීම අත්හිටුවයි

ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. මෙම තහනම සංචාරක වීසා සඳහා ද බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර ඇති වී තිබෙන අර්බුදය නිසා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ඉහළ නිළධාරීන් දැනුවත් නොකර, සිය පවුලේ සාමාජිකයන් ද සමග ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අතර ඔවුන් මේ වනවිට එරට ආරක්ෂාව භාරයේ ජීවත් වෙයි.

මේ අතර ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනියක් සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට ලක් වූ අතර ප්‍රශ්න කිරීමෙන් පසුව ඇය මුදාහැර ඇති බව ද වාර්තා විය.

මෙම ගැටලු මූලික කර ගනිමින් දෙරට අතර දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් ඇතිව තිබේ. මෙම තත්වය හේතුවෙන් වීසා නිකුත් කිරීම තාවකාලිවකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් ඒ කොපමණ කාලයකටද යන්න ප්‍රකාශ කර නොමැත.