ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

අවසානයේ විපක්ෂ නායක ධුරය සජිත්ට දෙන්න රනිල් එකඟවේ.

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා   ඇතුළු එජාප පාර්ලිමේන්තු කණ්ඩායම  තීරණය කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදීම සඳහා අවසාන මොහොතේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්වේ.

අද (05) පස්වරුවේ  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00ට මෙම සාකච්ඡාව ආරම්භ විය.

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ජා කර තිබේ.

සාකච්ඡා අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසා සිටියේ, සතියක් තුළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි.

පක්ෂ නායකත්වය පිළිබඳ තීරණය ඉදිරියේදී ගැනීමට එහිදී තීරණය කර තිබේ.