ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිටපු පොලිස්පති පූජිත් අත්අඩංගුවට

හිටපු   පොලිස්පති  පුජිත  ජයසුන්දර  මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද ( 01) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානයට ඇතුළු වන  විදුලි සෝපානයකදී  පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන  සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 හිටපු පොලිස්පතිවරයා  අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය   .