NPM අපේක්ෂකයා ගාමිනී විජේසිංහ යැයි නිවේදකයා කියයි… නෑ නෑ මම නෙවෙයි ගාමිනී විජේසිංහ කියයි…
ජාතික පනතා ව්‍යාපාරය (NPM) සංවිධානයේ පළමු සම්මන්ත්‍රණය ඊයේ (01) දින ගම්පහ සුමේද විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවති අතර එහිදී හිටපු විගණකාධිපති ගාමිනී විජේසිංහ මහතා සහ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා සහභාගී වූ අතර එම සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත්වෙමින් අවසන් වී තිබේ.
මෙහිදී ගාමිණී වීජේසිංහ මහතාට සිය දේශනය සඳහා ආරාධනා කළ නිවේදකයා සඳහන් කර සිටියේ NPMහි ජනාධිපති අපේක්ෂකයා ගාමිණී විජේසිංහ මහතා බවයි. කෙසේ නමුත් ගාමිණී විජේසිංහ මහතා එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර සිටියේ තමන් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තවමත් තෝරාගෙන නොමැති බවය. තමන්ව අපේක්ෂකයෙකු ලෙස තෝරාගැනීමට හෝ තෝරානොගැනීමට ඉඩ ඇතැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.
එමෙන්ම එහිදී අදහස් දැක්වූ ආචාර්ය අජිත් කොලොන්නේ මහතාද සඳහන් කර ඇත්තේ තමන්ම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තෝරාගෙන නැති බවය.
කෙසේ නමුත් එම ප්‍රධාන දේශනවලින් පසු ජනතාව නැගී සිට NPM වෙත විකල්ප දේශපාලන ධාරාවක් ගොඩනැගීම පිළිබඳව ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගය හෙවත් NPP විසින් පසුගිය 18වනදා පැවැත්වූ දැවැන්ත රැලියද උදාහරණ ලෙස පෙන්වමින් ඔවුන් ප්‍රශ්න කර ඇත්තේ ජාතික ජන බලවේගය සමග එක්ව සංවිධාන කටයුතු සිදු කිරීමට කටයුතු නොකරන්නේ මන්ද යන්නයි. ජාතික ජන බලවේගයට විශාල සංවිධාන ශක්තියක් මෙන්ම ලොකු බලයක් ඇතැයිද බිම් මට්ටමේ ජනතාව ඒ වටා රොක්වෙමින් සිටින බවද ඔවුන් පෙන්වා දී ඇත.
කෙසේ නමුත් පැමිණ පිරිස විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට සැලකියයුතු ඉඩක් ලබා නොදී ලිස්සායාමේ ස්වරූපයකින් පිළිතුරු කිහිපයක් ලබා දී ප්‍රශ්න මග හැර යාමට සංවිධායකයින් කටයුතු කර තිබේ.
එමෙන්ම මෙම රැස්වීමට ආවරණය කිරීමට පැමිණි රුපවාහිනී නාලිකා මාධ්‍ය වේදීන්ටද සංවිධායකයින් බැනවදිමින් පවසා ඇත්තේ එම නාලිකාවලින් තමන්ට ඉඩප්‍රස්තාව නොලැබෙන බවයි.
“මේගොල්ලොත් එකතුවෙලා විකල්පය දිනවන්න ඕන වෙලාවක දැන් මේ කරන්නේ හදන්නේ විකල්පයට දිනන්න තියෙන පාර අවහිර කරලා ඡන්ද කඩන එක” යැයිද එහිදී පැමිණ සිටි බොහෝ පිරිසකගේ සියව මුවින් පිට කර ඇත.