NewsSlider ’’කසාදේ තීන්දු කරන්නත් කලින් මනමාලිව අරන් ගිහින් දූෂණය කරන කොට ඒ කසාදෙ කරන්න පුලුවන්ද” – දයාසිරි September 2, 2019 Kamal Dhammika “කසාදේ තීන්දු කරන්නත් කලින් මනමාලිව අරන් ගිහින් දූෂණය කරන කොට ඒ කසාදෙ කරන්න පුලුවන්ද” යැයි පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල ප්රදේශයේ පැවති ජනහමුවකදී විමසීය. ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර එකමුතුව සම්බන්ධයෙන් සාකච්ජා කරන අතරතුර එස්.බී.දිසානායක මහතාට සහ ඩිලාන් පෙරේරා මහතාට පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දීමෙන් පෙන්නුම් කළේ කසාදය තීන්දු වී ඇති මොහොතක මනමාලිව රැගෙන ගොස් දුෂණය කිරීමක් ලෙස බවයි ජයසේකර මහතා සඳහන් කළේ. එවැනි ක්රියාවලින් පෙන්නුම් කරන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමේ උත්සහයක් පවතින බව නොවේදැයි හෙතෙම කියාසිටියේය “දැන් බලන්න මේ දීගේ යන්න ඔන්න මෙන්න කියලා ගිය සතියෙත් ගිහින් අපි බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක සාකච්ජා කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තය එක්කත් කතා කළා. දැන් කසාදේ තීන්දු වෙලා තියෙනකොට මනමාලිව අරන් ගිහින් දුෂණය කරන කොට ඒ කසාදෙ කරන්න පුලුවන්ද? එස්.බී දිසානායක මහත්තයාටයි ඩිලාන් පෙරේරා මහත්තයාටයි අරගෙන ගිහින් දුන්නා සාමාජිකත්වය. මේක හරියට බඳින්න කලින් මනමාලිව අරගෙන ගිහින් දුෂණය කළා වගේ වැඩක්. එතකොට අපිට ඒක රිදෙන්නේ නැද්ද?මෙහෙන් කතා කරන්නව. අනිත් පැත්තෙන් දවස ගානේ අපේ මිනිස්සු ගන්නවා. සාමාජිකත්වයත් දෙනවා.” කැඩුණු පක්ෂ දෙකක් එකතු කිරීම පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් ඔහු අඟවා සිටියේ එම දුෂ්කර කටයුත්ත සාර්ථක කරගැනීමට කරන උත්සාහය මැද කඩාකප්පල්කාරී ක්රියාවන් සිදුවන බවයි. ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්නා දිය යටින් ගින්දර ගෙනයාමේ ක්රියාවලියද දැන් දයාසිරි ජයසේකර මහතා කරන ප්රකාශයෙන් පැහැදිලි වන්නකි. දෙපාර්ශවය එක් වීම සඳහා සිදුකරන සාකච්ජා අතරතුර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ එස්. බී.දිසානායක මහතා සහ ඩිලාන් පෙරේරා මහතා පසුවදාම පොහොට්ටුවේ සාමාජිකත්ව ගත්තේය. මේ අතරතුර සරත් අමුණුගම වැනි මන්ත්රීවරු ප්රකාශ කළේ ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණයක් ගෙන ඇති බවයි. එහෙත් ශ්රී ලංකා නිදහස් පක්ෂය ලෙස තවමත් එවැනි තීන්දුවක් ගෙන නොමැති බව දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස පවසයි. Views: 651