NewsSlider “එජාප ජනාධිපති අපේක්ෂක තෝරන්නේ හන්දි ගානේ කෑගහලා නොවෙයි” – නවීන් August 29, 2019 Kamal Dhammika ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ තැන තැන හන්දි ගානේ කෑගහලා නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක මහතා පවසයි. ජනනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායමට එක්ව බහුතරය මතය අනුව බවද ඔහු පැවසීය. කෑගල්ලේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කලයුතු අපේක්ෂකයන් නම් තුනක් යෝජනා වන බවට ඔවුන්ගෙන් කවුරු ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණය ජය ගන්නා බවත් දිසානායක මහතා කීවේය. Post Views: 710 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print