NewsSlider ‘අපි වැරදි ගොඩාක් කලා..! ඒවා හදාගෙන බාප්පා සමග නව දේශපාලන ගමනක් අරඹනවා’ – නාමල් August 13, 2019 Kamal Dhammika අපේ පාලන කාලයේ අපි අතින් වැරදි රාශියක් සිදු වු බවත් ඒ නිසා තමන් 2015 පරාජය වු බවත් එම කළු අතීතයෙන් උගත් පාඩම් අනුව වැරදි නිවැරදි කරගනිමින් ගෝඨාභය බාප්පා සමග නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. “විවිධ ඝාතන සම්බන්දයෙන් අපට චෝදනා තියෙනව. අල්ලස දුෂනය පිලිබදවත් අපිට නඩු ගොඩක් වැටිල තියෙනවා. අපේ පාලන කාලයේ සිදුවුන යම් යම් සිදුවීම් සිදු නොවුනානම් හොදයි. දැන් අපි ඒ ගැන පසුතැවෙනවා. ඒ නිසයි ජනතාව අපිව ප්‍රතික්ෂේප කලේ” යැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීහ. කෑගල්ල ප්‍රදේශයේ උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පොදු ජන පෙරමුණේ සමුළුවෙන් අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවත් වැරදුණු තැන් හදාගෙන හෙට සිට නව දේශපාලන ගමනක්, නව දේශපාලන චින්තනයක් ආරම්භ කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. Post Views: 1,901 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print