“එජාපයේ ජනපති අපේක්ෂකයා හෙළි කරන්නේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළාට පසු”
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හෙළි කරන්නේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ පසුව බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ලබන පස් වැනිදා පිහිටුවනු ලබන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ එකඟතාවය ඇතිව අපේක්ෂකයා සුදුසුම වේලාවේදි ප‍්‍රකාශයට පත් කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ තම පක්ෂය කිසි විටක ජනාධිපතිවරණ අපේක්ෂකයා සුදුසු වේලාවට කලින් ඉදිරිපත්කර පිලූනු කිරීමට සූදානම් නොමැති බවයි. ලබන පස් වැනිදා නව පෙරමුණ පිහිටුවීමත් සමඟ සිදු කෙරෙන්නේ සියලූ පක්ෂ එක්ව ගිවිසුම්ගත වීම බවද සිරිකොත ප‍්‍රකාශකයා පවසා ඇත.