“එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කරනවා. 76 කින් 10 ක් සහයෝගයට උත්තර දුන්නම අනිත් 66 ම නිහඩ වුනේ සහයෝගයට කියලා කියන්න පුළුවන්ද. එහෙම කියලා 76ක් සහයෝගය ප්‍රකාශ කලා කියලා කියන්න පුළුවන්ද. මේක අංක ගණිතය නොදන්න තත්ත්වයක්. 76කින් 66ක් සජිත ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කලා කියන එක අමූලික බොරුවක්. කිසිසේත්ම ඒ වගේ දෙයක් ඇති වෙලත් නැහැ. ඇති වෙන්න දෙන්නෙත් නැහැ. ඊයේ පෙරේදා ඇවිත් කතා කරන අයද වසර ගණනාවක් පක්ෂය රැකගෙන ආව අයද වැදගත් වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෝ මේ වගේ බොරු කියන එක විලිලැජ්ජාවක්. මෙහෙම ප්‍රකාශ කරන්න කිසිම අයිතියක් නැහැ. අපි ජනාධිපතිවරණය ඉදිරිපත් කරන්නෙ පස්සට ගිහින් ඩීල් දාන අය නෙමෙයි. ඒ නිසා අනෙක් පක්ෂ වලින් කවුරු ඉදිරිපත් වුනත් අපිට අභියෝගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙන්න සුදුසුකම් සපුරා ඇති පරිනත පුද්ගලයින් ඕන තරම් සිටිනවා. අගොස්තු මස අග හෝ සැප්තැම්බර් වෙද්දි අපි ඒ පුද්ගලයා කව්ද කියලා ප්‍රකාශයට පත් කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා එස්.එස්. ද ජයසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීමෙන් අනතරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“අද කම්කරුවෙක් වෙන්නටත් සාමාන්‍ය පෙළ අවශයයි. ඒ නිසා අඩුගානේ සාමාන්‍ය පෙළවත් තියෙන පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂයා විය යුතුයි. අධ්‍යාපන සුදුසුකම් පෙන්නල, ඔප්පු කරන්න පුළුවන් පුද්ගලයින් මෙ සදහා ඉදිරිපත් විය යුතුයි. මම මගේ අධ්‍යාපන සුදුසුකම ඉදිරිපත් කලා වගේම අප පක්ෂයේ කිහිප දෙනෙක්ම මේ වනවිට ඔවුන්ගේ සුදුසුකම් ප්‍රසිද්ධියේ ඔප්පු කරලා තිබෙන්නේ. මම අභියෝග කරනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න දගලන පිරිස් වලටත් ඒ වගේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න කියලා. අපි මීට ඉහතදී ජනාධිපතිවරණ වලදි මේ ආකාරයෙන් අධ්‍යාපන සුදුසුකම් ගැන විශේෂයෙන් සෙව්වේ නැත්තේ, ඒ ඉදිරිපත් වූ හැම දෙනාම සුදුසුකම් සහිත පුද්ගලයින් වුන නිසයි. අපේ පක්ෂයෙන් අඩු සුදුසුකම් සහිත අය ඉදිරිපත් වුණේ නැහැ. එහෙම අඩු සුදුසුකම් සහිත පුද්ගලයින් පත්වෙන එකේ අඩුව අද පේන්න තියෙනවා. රටේ හැමදේම නිකන් දෙන්න ඕනනම්, ආණ්ඩුවක් අවශ්‍ය නැහැනෙ.”
“එහෙම ඕනනම් රට පාලනය කරන්න සහනාධාර සමිතියකට දුන්නනම් හරි. රටක් ඉදිරියට ගෙනියන්නනම්, අපි යම් රාජකාරියක්, වගකීමක් ඇති කටයුත්තක් කරද්දි ඒදේට අදාලව යම් යම් කාර්යයන් ඉටුකළ යුතුයි. ඒ ආකාරයෙන් කටයුතු කරන්න අපිට පිං කැට කඩලා වියදම් කරන්න බැහැ. වසන්ත සමරසිංහ මහතා චෝදනා කරනවා ලෙකෝ මෘදුකාංගය හදුන්වාදීම පිළිබදව. රටක් සංවර්ධනය කරද්දි ඒ වෙනුවෙන් බුද්ධියෙන් කරන කටයුතු වලට නිග්‍රහ කරන්නෙපා. මෙහෙම සංවර්ධන කාර්යයන් වෙනුවෙන් යන වියදම් ගැන අහනවනම්, ඒවට මීට වඩා හොද උදාහරණ තිබෙනවා. අද යම් අමාත්‍යාංශ තියෙනවා දිනකට ලක්ෂ 02ක් 03ක් 8% ක් 10% ක් පොලියට ගෙවල් හදන්න වියදම් කරලා, ලක්ෂ 50 ක් 60 ක් පුවත්පත් දැන්වීම් වලට වියදම කරනවා. ඒවා ගැන කව්රුත් කතා කරන්නේ නැහැ. ව්‍යාපෘති වලට ලක්ෂ 30ක් 40 ක් වියදම් කරනවා ඒවා ගැන කතා කරන්නේ නැහැ. එයාලව පුම්බන්න මාධ්‍යයට මිලියන් 4ක් 5 ක් වියදම් කරනවා. ඒවා ගැන කතා කරන්නේ නැහැ. ඒ තමන් පිම්බෙන්න වියදම් කරන ලක්ෂ 50ත් දුන්නනම් ගෙවල් හදන්න, තවත් ගෙවල් ටිකක් හදන්න පුළුවන්නේ” යැයි පැවසීය.
මෙහිදි වැඩිදුරටත් මාධ්‍යවේදීන් විසින් මහ බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා,
“මම හිතන විදියට මහ බැංකුවේ කාර්යභාරය හරියට නොදැන තමයි මේ අය වැඩ කරන්නේ. ඔවුන් කරන්නේ වෙනස් කරපු පනත් පිළිබදව කතා කරන එක විතරයි. බැංකු කඩාවැටුණම කියනවා මහ බැංකුවේ නීති පද්ධතියක් නැහැ කියලා. මූල්‍ය ආයතන කඩා වැටුණමත් ඒකම තමයි ඔවුන් කියන්නේ. විදේශ විනිමය පනත වෙනස් කළ නිසා මෙහෙම වෙනවා කියලා. මේක මහබැංකුවේ පාවිච්චි කරන හේතුසහගත නොවන උත්තරයක් ලෙසයි මම සලකන්නේ. මේක කිසිසේත්ම මේ ඇතිවී තිබෙන දේවල් වලට බලපාන්නේ නැහැ. ඒ අයට වසර 04ක්, 05 ක් තිබ්බා මේ ගැන සොයලා බලන්න. දැන් තමයි මෙයාලා මේවට උත්තර සපයන්නේ. මේක කිසිසේත් පිලිගන්න බැරි උත්තරයක්. මේ රටේ ආර්ථිකය කඩාවට්ටන්නේ මහ බැංකුවයි. විදුලිබල මණ්ඩලයේ තිබූ අඩුපාඩු, දූෂණ , අක්‍රමිකතා නැතිකරගනිමින්. පාඩුව අවම කරගනිමින් යන ගමනක් තමයි අපි මේ යන්නේ. මේ වෙද්දි යම්තාක් දුරකට විදුලිබල මණ්ඩලයේ තිබූ දේවල් වෙනස් කරන්න අපිට හැකි වෙලා තිබෙනවා. ඒ ගැන නිවැරදිව මණ්ඩලයේ සේවකයන්ගෙන් දැනගන්න පුලූවන් වේවි. අපි ලංවිම තුළ සිදුකරන සුවිශේෂි වෙනස්කම් තුළින් මණ්ඩලය පමණක් නොවෙයි පාරිභෝගික ජනතාවටත් වඩාත් සුරක්ෂිත හෙට දිනක් උදා කරන්නය අපි කටයුතු කරන්නේ”
Post Views: 594