LeadSlider සහරාන්ගේ බිරිඳගේ සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට July 30, 2019 Kamal Dhammika ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මොහොමදු අබ්දුල් කාදර් නමැති අදාළ සැකකරු කටුපොත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහරාන් හෂීම් සමඟ නුවරඑළියේ දී අවි පුහුණුව ලබා ඇති බව ද පොලීසිය පවසයි. සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි. Post Views: 554 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print