NewsSlider පළාත් සභා මන්ත්රී කටාන හිටපු එජාප ආසන සංවිධායක අත්අඩංගුවට July 8, 2019 Kamal Dhammika එක්සත් ජාතික පක්ෂයේ කටාන හිටපු ආසන සංවිධායක මෙන්ම හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රී රොයිස් ප්රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 2019/03/23දා කටාන ප්රදේශයේ නිවසකට අයුතු ඇතුළු වීමක් සිදුකර පුද්ගලයෙකුට පහරදී දේපළ කොල්කකෑමක් පිළිබඳ සිදුවීමකට මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු මන්ත්රීවරයා මෙම සිදුවීමේ ප්රධාන සැකකරු බවත් මීට පෙර මෙම සිදුවීමට තවත් සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි. එම සැකකරුවන් මීගමුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලීසිය පවසයි. කටාන පොලීසිය විසින් මීගමුව නගරයේදී අත්අඩංගුවට ගත් සැකකරු හෙට (08දා) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. Post Views: 772 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print