ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

2012 වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුවේ විත්තිකරුවන්ට සිතාසි

ඉකුත් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන්ට මේ මස 18 වනදා අධිකරණය හමුවෙපෙනී සිටින ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සිතාසි නිකුත් කර තිබේ.
ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම සිතාසි නිකුත් කිරීම සිදුකළේය.
2012 වසරේ නොවැම්බර් මස 09 දා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර බුද්ධි අංශයේ සේවය කළ නිලධාරියෙකු වන හිමදුවගේ සුජීව සම්පත් යන අය නම් කර තිබේ.
ඔවුන්ට එරෙහිව චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ. මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස කිරීමට නියමිත ඉමදුවගේ සුජීව සම්පත් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර සිටි බවද වාර්තා වෙයි.
මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරය ඉල්ලීමට අනුව මෙම නඩු විභාග සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් නම් කරද්දි මම නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීන් රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.