NewsSlider කැරම් බෝඩ් වලින් හොරා කෑ මහින්දානන්දට ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු June 28, 2019 Kamal Dhammika හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අධිචෝදනා 16ක් යටතේ අල්ලස් කොමිසම මඟින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අංක 2 හමුවේ ඊයේ (27) නඩු පැවරීය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුත් මෙම අධිචෝදනා පත්‍රය ගොනුකරන ලදී. පසුගිය ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කල රුපියල් මිලියන පනස් තුනක් වටිනා කැරම් බෝඩ් දාහතර දහසක් හා දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීමෙන් රජයට පාඩු සිදු කළ බවට දූෂණය, කුමන්ත්‍රණය හා අනුබලදීම යන චෝදනා මත විත්තිකරුවනට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත. නඩුවේ චෝදනා ඔප්පු කිරීමට සාක්කිකරුවන් 26ක් හා නඩු භාණ්ඩ 15ක්ද නම් කොට ඇත. 2014 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා හා එම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලයේදී විත්තිකරුවන් මෙම වැරැදි සිදුකර ඇති බවට අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් පනතේ 70 වගන්තිය යටතේ විත්තිකරුවනට එරෙහිවඅධිචෝදනා නගා ඇත. Post Views: 1,265 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print