NewsSlider හකීම් ඇමැතිවරයා මට අධිකරණය අමාත්‍යාංශයේ රැකියාවක් දුන්නා – ජාතික තවුහිජ් ජමාද් මහ ලේකම් අබ්දූල් රාසික් June 21, 2019 Kamal Dhammika තමාට රවුෆ් හකීම් අමාත්‍යවරයා අධිකරණය අමාත්‍යාංශයේ රැකියාවක් ලබා දුන් බවත් ඊට අදාල අත්සන් සහිත් ලිපිය තමා සතුව තිබෙන බවත් ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී තේරීම් කාරක සභාව නියෝජනය කරන රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මුහුණ වසාගෙන සභාවට මුහුණ දිය නොහැකි ලෙස හැසිරිණි. මේ අතර බුදු රාජානන් වහන්සේ මිනි මස් ආහාරයට ගත් බවට තමා කළ ප්‍රකාශය පැටලීමනික් සිදුවූ බවත් තමා ඒ සම්බන්ධයෙන් සමාව අයැඳ සිටි බවත් එහිදී අදහස් දක්වමින් අබ්දුල් රාසික් පවසා සඳහන් කළේය. පැහැදිළිවම IS සංවිංධානයේ සිටින පුද්ගලයින් මුස්ලිම් ජාතිකයන් නොවන බවත් වාහබ් වාදය යනු ත්‍රස්තවාය නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම වහාබ් වාදය යනු සංකල්පයක් නොවන බවත් එය නාමකරණයක් පමණක් බවත් ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් වැඩිදුටත් පැවසීය. අද(20) දිනයේදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්ට දැනුම් දී තිබුණි. මේ අතර මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට සහ සාක්ෂි විමසීම් රහසිගතව සිදු කිරීමට පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත. ඇතැම් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව සාක්ෂි සටහන් කිරිමට විශේෂ කාරක සභාව තීරණය කළ බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය. Post Views: 928 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print