NewsSlider බැඳුම්කර කොමිසමේ බොරු සාක්කි දුන් රවීට සහ බිරියට CIDයේ පෙනී සිටින්නැයි අධිකරණය නියෝග කරයි June 20, 2019 Kamal Dhammika බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස 7 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ මූල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇමැති කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිය මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය. මීට අමතරව ලබන 26 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායකට නියෝග කළාය. ග්ලෝබල් ටාන්ස්පොටේෂන් සමාගමට අදාල අනෙකුත් ලියැකියැවිලි ලබන 25 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස එහි විධායක අධ්‍යක්ෂිකා ඔනෙලා කරුණානායක මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ බැඳුම්කර වංචාව ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ බොරු සාක්කි ලබා දුන්නේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීය. Post Views: 877 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print