NewsSlider ඇමතිධුර වලින් ඉල්ලා අස්වූ කබීර් හා හලීම් යළි දිවුරුම් දෙයි June 19, 2019 Kamal Dhammika පසුගියදා සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන මන්ත්‍රිවරුන් දෙදෙනා අද(19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබීය. කබීර් හෂීම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු කළේය. එම්.එච්.ඒ.හලීම් මහතා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු තළේය. ඒ අනුව තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා යළි එම තනතුරේම දිවුරුම් දී ඇති අතර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂිම් මහතාද යළි එම තනතුරේම දිවුරුම් දී තිබේ. Post Views: 585 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print