ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වීරවංශට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්‌ගෙන් CIDයට පැමිණිල්ලක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව පවසයි.
විමල් විරවංශ මහතා තමන්ට එල්ල කරන චෝදනා අසත්‍ය අතර ඔහුගේ එම චෝදනා නිසා සිය ප්‍රජාව අතරේ අප්‍රසන්න තත්ත්වයකට මුහුණ දී සිටින බවයි බදියුදීන් මහතා සඳහන් කරන්නේ. පටු දේශපාලන වාසි වෙනුවෙන් එලෙස හැසිරීම නින්දිත බව ඔහු අවධාරණය කරයි.

රිෂාඩ් බදියුදීන් මහතා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දී ඇති බවට තමන්ට ඔප්පු කළ හැකි බව පසුගියදා විමල් විරවංශ මහතා පැවසු අතර ඒ්ය ‌බොරුවක් බව බදුර්දීන් මහතා ඔප්පු කරන්නේනම් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවද විමල් වීරවංශ ප්‍රකාශ කර තිබුනි.