බහු විවාහ – ළමා විවාහ එපා..! ජාතික සමගිය වෙනුවෙන් ජවිපෙන් යෝජනාවලියක්
ආගමික උමතු අන්තවාදයත් ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව හා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා වන විශේෂ යෝජනාවලියක් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සව සභාවක දී අද (04) ජනතාව හමුවේ තබනු ලැබීය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැනි ආගමික අන්තවාදි ප‍්‍රහාරයන් වැළැක්වීමත් යළි එවැනි ඛේදවාචක ඇති නොවීමට වග බලා ගැනීමත් ජාතික සමගිය ගොඩනගා මහජන ආරක්ෂාව තහවුරු කිරීමත් වෙනුවෙන් ඉටු විය යුතු යෝජනා ලෙස එම යෝජනාවලිය ජනතා විමුක්ති පෙරමුණ විසින් හඳුන්වා දෙනු ලැබීය.
මහජන ආරක්ෂාව නීති ප‍්‍රතිසංස්කරණය ආගමික ආයතන ප‍්‍රතිසංස්කරණය හා පරිපාලනය අධ්‍යාපනය ජනමාධ්‍ය ආගමික වියතුන් සතු විශේෂ කාර්යභාරය මෙන්ම ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ඇති කිරීම සඳහා වන රාජ්‍ය ආයතන හා පොදු ප‍්‍රතිසංස්කරණ යන තේමා යටතේ මෙම යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත.
බහු විවාහ සහ ළමා වලට ඒරෙහිවත්, විවාහයේදී ආගම සහ ජාතිය අනුව බලපෑම් ඉවත් කිරීමත්,
ආගමික නීති වෙනුවට රටටම පොදු නීතියක් අවශ්‍ය බවත්, සියලු ආගම් වලට එක් අමාත්‍යාංශයක් එමෙන්ම සමාන පුරවැසි අයිතිය, ආගම් ඇදහීමට ඇති අයිතියට සමාන නීතියකින් පාලනය වීම යන පොදු ප‍්‍රතිසංස්කරණ යෝජනා ද එහි අඩංගුවේ.
මෙම යෝජනා ජනගත කිරීමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, කේ ඞී ලාල් කාන්ත, මහ බැංකුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂිකා නීතිඥ, නිර්මලා සිරිවර්ධන, කැලණිය විශ්ව විද්‍යාලයේ ක‍්‍රිස්තියාන් ධර්මය පිළිබඳ අධ්‍යනාංශයේ ජ්‍යෙශ්ඨ කථිකාර්ය විජිත් රෝහණ ප‍්‍රනාන්දු, රම්‍ය ලංකා සංවිධානයේ සභාපති එස් එම් එස් ෆාරිස් සාලි යන මහත්ම මහත්මීහු ද පක්ෂයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් ද සහභාගි වූහ.