ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘සැත්කම්’ වලින් හානියක් වූ අය ඇත්නම් දැනුම් දෙන්නැයි කුරුණෑගල රෝහලෙන් ඉල්ලීමක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන්  සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා අද (25 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවදී  ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කාන්තාවන්ගෙන් ලබාගන්නා තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙනයන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යයි කුරුණෑගල රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව චෝදනාවක්  එල්ලවී ඇතැයිද වීරබණ්ඩාර මහතා පැවසීය. එම වෛද්‍යවරයා සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් යටතේ කුරුණෑගල පොලීසිය විසින් දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එ⁣රෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේවනවිට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටීනම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත්  වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය .