News | Gossip | Political | Entertainment
සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යයි කුරුණෑගල රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇතැයිද වීරබණ්ඩාර මහතා පැවසීය. එම වෛද්‍යවරයා සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් යටතේ කුරුණෑගල පොලීසිය විසින් දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේවනවිට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටීනම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය .