NewsSlider නීනියට අවනත නොවුනොත් සිය බලය ක්රියාත්මක කරනවා-හමුදාපති May 14, 2019 Kamal Dhammika මේ අවස්ථාව වන විට වයඹ පළාතේ යම් යම් ස්ථානවල සිවිල් ජනතාවට අයත් දෙපල වලට ඇතැම් පිරිස් හනී සිදු කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. මෙම හානී සිදුකරන්නේ ප්රදේශයේ බිමත්ව සැරිසරණ ඇතැම් පුද්ගලයන් බව ද ඒ මහතා ප්රකාශ කළේය. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය. මේ වන වට එම ප්රදේශ ආවරණය වන පරිදි ත්රීවිධ හමුදාවේ බට පිරිස් සහ පොලීසිය එක්ව ආරක්ෂාව සපයන බවද එම නිවේදනයේ සඳහන් වේ. ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරමින් හමුදාපතිවරයා පැවසුවේ එම කැරලි කොලහාල සිදු කරන පිරිස්වෙත එකතු නොවි තම නිවෙස් තුලට වී සමකාමීව සිටින ලෙසයි. පනවා ඇති නීතින්ට අවනත නොවී කටයුතු සිදු කරන සෑම පුද්ගලයෙකුටම තදින් නීතිය ක්රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය. යුද හමුදාවට සිය බලය යෙදීමට සිදු වන බවත් එවිට යම් යම් ප්රශ්න වලට මුහුණ දීමට සිදු විය හැකි බවත් ඒ මහතා පවසයි. ආගම් වාදී ජාතී වාදී නැතිව නොවී මෙම අවස්ථාවේදි කටයුතු කරන ලෙසට හමුදාපතිවරයා දන්වා සිටියි. Post Views: 526 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print