ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇඳිරි නීතිය අවසන් – වයඹට පමණක් දිගටම ක්‍රියාත්මකයි

රටතුල ඇතිවු නොසන්සුන්කාරී වාතාවරනය හේතුවෙන් දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද(14) අළුයම 4.00 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ. කෙසේ වුවද වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.
කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසුරිය, හෙට්ටිපොළ, කොබෙයිගනේ සහ රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ(13) පස්වරුවේ සිට පොලිස් ඇඳිරී නිතිය ක්‍රියාත්මක විය.මැයි (12) දින කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් කිහිපයකට පහර දුන් බවට වාර්තා වීමත් සමඟ ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් ඊයේ දිනයේ දී මෙලෙස වයඹ පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවනු ලැබීය.