NewsSlider ‘මේ විනාශයට නිලධාරීන් පමණක් නොව රටේ නායකත්වයත් වගකිවයුතුයි’ May 13, 2019 Kamal Dhammika ‘පාස්කු දා ප්‍රහාරය මටත් පෞද්ගලිකව වැදුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් තවමත් මම පීඩා විඳිනවා. මේ දේවල් හොඳටම දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන් විතරක් නොව මේ රටේ නායකත්වය පවා මේ විනාශයට වගකිව යුතු බව මා නැවත වරක් ප්‍රකාශ කරනවා.’යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසුහ. කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවෙන් පසු කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මෙසේ කීහ. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මෙසේ අදහස් ප්‍රකාශ කරන්නට වුයේ පසුගිය 21 වන ඉරිදා එල්ලවු බෝම්බ ප්‍රහාරය නිලධාරීන් පිට පටවා දේශපාලන නායකත්වය ඉන් මිදීමට උත්සහ කරන තත්වයක් තුලය. ජනාධිපති , අගමැති පමණක් නොව විපක්ෂ නායකවරයාටද මෙම බොම්බ ප්‍රහාරය පිලිබදව තොරතුරු ලැබී තිබියදී ඒ පිලිබදව ඔවුන් වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව මේ වනවිට අනිවරනයවී ඇත. එහිදී අගරදගුරු හිමියෝ මෙසේ ද පැවසුහ. ‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අයගේ ජිවිත වලට සිදුවූ මේ විනාශය දේව කැමැත්ත අනුව සිදුවූ දෙයක් නොවන බව පැහැදිලියි. එය මනුෂ්‍යාගේ පව්කාරකම තුළ සිදුවූ දෙයක්. මනුෂ්‍යාගේ පව්කාරකමේ ගොදුරක් බවට අපේ සහෝදර සහෝදරියෝ පත්වුණා.’ ඒ වරද කළ අයට අත හෝදගන්න බැහැ. මේ වරද කළ අයට දඬුවම් කරන්න ඕනෑ. එය කළ යුත්තේ ඔවුන්ව බලතල වලින් පහ කිරිමෙනුයි. මේ වාගේ වගකීම් දැරීමට නොහැකි අය අපේ රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. සමහරු තවම නිදැල්ලේ හැසිරෙනවා. සමහරු සාන්තුවරු වගේ ඉන්නවා. ඔවුන් හිතනවා බේරිලා ඉන්න පුළුවන් කියලා. මනුෂ්‍යාගේ විනිශ්චයාසනයෙන් දඬුවම් නොලැබුණත් දෙවියන්ගේ විනිශ්චයාසනයෙන් දඬුවම් ලැබෙනවා. මේ අපරාධය නොකළා මෙන් නිහඬව සිටින අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරිමට මැලිවන අයට දෙවියන් වහන්සේගේ දඬුවම ලැබෙනවා. ‘ආත්මාර්ථකාමී අදහස් හා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කිරිමට කටයුතු කළ සියලු දෙනාටම දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙනවා. දැන් මගේ පස්සෙනුත් එලවනවා කියලා ආරංචියි. මම බය නෑ. මගේ ජිවිතය ඔබට සහ දෙවියන්ට අයිතියි. ඕනෑම වේලාවක ජිවිතය පුජා කරන්න මම සුදානම්.’ එම දිව්‍ය පුජාව සඳහා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීහු සහ තුවාල ලැබුවෝ සහභාගී වුහ. Post Views: 508 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print