ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මුස්ලිම් දේශපාලනඥයින් අන්තවාදී උමතුවක් නිදැල්ලේ වර්දනයවීමට ඉඩහැරියා

මෙරට මුස්ලිම් දේශපාලනඥයින් කිසිඳු අවස්ථාවක මුස්ලිම් ජන සමාජය සමඟ දේශපාලනයේ නිරත වි නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි. අන්තවාදී උමතුවක් නිදැල්ලේ වර්දනයවීමට මුස්ලිම් දේශපාලනඥයින් ඉඩ හැර සිටි බවත් මෙවැනි අන්තවාදයක් මුස්ලිම් ජනසමාජයේ දැනුවත් වීමකින් තොරව වර්ධනය වීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
වත්තල ප්‍රදේශයේ ඊයේ (12) පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම මුස්ලිම් දේශපාලනඥයින් කිසිඳු අවස්ථාවක මුස්ලිම් ජන සමාජය සමඟ දේශපාලනය සිදු කර නොමැති බවත් බවත් තම ප්‍රජාවට පොදු සමාජය සමඟ ජිවත්වනනේ කෙසේද යන්න සම්බන්දයෙන් නිවැරදි අවබෝදයක් ලබා නොදුන් බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

පසුගියදා සිදු ප්‍රහාරයන් සඳහා යම් නිහඬ ආශිර්වාදයක් ලබා දුන්නාද යන්න සම්බන්දයෙන් සැකයක් පවතින බවද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.