NewsSlider නීතිය හා සාමය ෆොන්සේකාට දෙන්නැයි එජාපයෙන් ජනපතිට ලිපියක් April 30, 2019 Kamal Dhammika නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලබාදීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් ලබාදීමෙන් අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි වීමේ ගැටළුවක් මතුවන්නේ නම් අමාත්‍ය අර්ජුන රනතුංග මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම වීමට සූදානම් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා විසින් රට තුළ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයට ගෙන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ඔවුන් ඉල්ලා සිටියේය. Post Views: 551 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print