ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විල්පත්තු වන විනාශය ගැන ජනපති කොමිසම් වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් හා විල්පත්තුව වන උද්‍යානය ආශ්‍රත නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට යොමු කර කර තිබේ. අද(27) උදෑසන පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී  නියෝජ්‍ය කථානායකවරයා සභාවට මේ බව දැනුම් දුන්නේය. සියලුම මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා මෙම පිටපත පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට මෙහි පිටපතක් ලබා ගැනීම සඳහා 2019 මාර්තු මස 22 වන දින කථානායකවරයා විසින් ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.

ජනාධිපතිවරයා විසින් 2017 ජුලි මස 21 වන දින පත් කරනු ලැබු මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යන් සඳහා වු කොමිසමට නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා වු කමිටු වාර්තාවේ එක් පිටපතක් ඒ අනුව, ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ(26) දිනයේ දී කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලබා දී ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා වැඩි දුරටත් පැවසීය.