NewsSlider ජනපති සිරිසේනගේ බිල් නොගෙවූ පරිසර අමාත්‍යංශයේ දුරකතන සියල්ල ‘ගොළු‘ වෙයි March 27, 2019 Kamal Dhammika ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ පවතින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථන සම්බන්ධතා ඊයේ (26) දිනයේ සිට විසන්ධි කර ඇත. මේ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ දුරකථන සම්බන්ධතාවය, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ දුරකථන සම්බන්ධතාවය, අමාත්‍යාංශ ලේකම්වරයාගේ දුරකථන සම්බන්ධතාවයේ සිට සියලුම ස්ථාවර දුරකථන සම්බන්ධතා ඇන හිට තිබේ. ඊයේ දිනය පුරාම ස්ථාවර දුරකථන සම්බන්ධතා විසන්ධි කර තිබීම හේතුවෙන් අමාත්‍යාංශයේ කටයුතු බොහෝමයක් ඇණහිට තිබූ බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ ඊයේ උදෑසන සිටම ස්ථාවර දුරකථන සම්බන්ධතා ක‍්‍රියා නොකළ බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වලින් කළ විමසීමකදී මුදල් ගෙවා නොමැතිවීම හේතුවෙන් ස්ථාවර දුරකථන සම්බන්ධතා විසන්ධි කර තිබූ බවට දැනුම් දුන් බවත් ඔහු පැවැසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අයත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය බත්තරමුල්ල පිහිටි සොබාදම් පියස ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. ජනාධිපතිවරයා යටතේ අමාත්‍යංශ ගණනාවක් පැවතීම හේතුවෙන් එම අමාත්‍යංශ වල කටයුතු මේවන විට අකර්මන්‍යවී වී ඇති බවත් දැනට වසර ගණනාවක සිට පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ පැවතීම මෙම තත්වයට හේතුවී ඇති බව අමාත්‍යංශ සේවකයෝ පවසති. Post Views: 592 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print