ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

සිරිසේනගේ නැවත ජනාධිපතිවීමේ අපේක්ෂාව බොදවේ – පොහොට්ටුවෙන් මෛත්‍රීට නෝ චාන්ස් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමත් සමග ජනපති සිරිසේනගේ නැවත ජනාධිපතිවීමේ බලාපොරොත්තු සුන්වී ඇති බව වාර්තාවේ.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට කිරිමට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස  රාජපක්ෂ පවුලේ කෙනෙකු ඉදිරිපත් කළයුතු බවයි.

2015 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වූ මෛත්‍රීපාල සිරිසේන එම අවස්ථාවේ ප්‍රකාශ කළේ තමන් මෙරට අවසන් විධායක ජනාධිපතිවරයා වන බවයි. නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ නොතබන බවද ඔහු පුනපුනා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණය ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් සිටින අතර පසුගිය ඔක්තෝබරයේදී පැවති ආණ්ඩුව අහෝසි කර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබා දුන්නේද ජනාධිපතිවරණය පිළිබඳ සිහින දකිමිනි.

පසුගිය ඉරිදා ඔහු නැවත දිවයින බලා පැමිණ පැය කිහිපයක් ගතවීමට මත්තෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න යන මහත්වරුන් කඩිනමින් ඔහුව හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ එහි සහායක පක්ෂවල ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇත්තේ රාජපක්ෂ පවුලේ කෙනෙකු බව ඔවුහු එම හමුවේ දී ජනපතිවරයා ඉදිරියේ කියා සිටියහ.

මෙම පුවත නිසැක වශයෙන්ම ජනපතිවරයා කම්පනයට පත්කිරීමට සමත්වූවක් විය. තත්ත්වය එසේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සමග පොදු සන්ධානයක් තනාගත යුතුව තිබෙන්නේ මන්දැයි විමසා සිටීම ජනපතිවරයාගේ ක්ෂණික ප‍්‍රතිචාරය විය.

පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග පැවැති රැුස්වීමකදී, මැයි දින රැළියක් සංවිධානය කළ යුතුව තිබෙන බවටත් – විශාල ජනතාවක් ගෙන්වා පක්ෂයේ දේශපාලන ශක්තිය පෙන්වා සිටිය යුතු බවටත්, ඔහු උපදෙස් දුන්නේය.පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග පැවැති හමුවේ දී පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හ`ඩ අවදි කරමින් ”මේක තමයි අපේ අවසන් අවස්ථාව, අපි අපේ ශක්තිය පෙන්විය යුතුමයි” යැයි කීවේය. කතාව මැදදී ඔහුට හරස් කැපූ ජනපතිවරයා, ”මේක තමයි අලූත්, ශක්තිමත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයක ආරම්භය” යැයි අවධාරණය කළේය.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර සන්ධානගත වීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා ඉතා දුර්වල මට්ටමින් තවදුරටත් ක්‍රියාත්මක වන අතර එහි මීලඟ වටය අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ශ්‍රිලනිපය හා පොහොට්ටුව අතර දේශපාලන වේදිකාවේ වාග් සංග්‍රාමද මෙම තත්වයත් සමග තීවෘරවී ඇත.