ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රනිල්ට සහය දුන් ශ්‍රිලනිප 04ක් කැබිනට් මණ්ඩලයට ගන්න ජනපති සිරිසේනගේ අනුමැතිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතරදෙනකුගේනම් ලැයිස්තුවක් අමාත්‍යධුර ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ.මේ අනුව පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන ගාමිණී විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඒ.එච්.එම්.ෆවුසි යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලෙස  ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේය යන පදනමේ සිට කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යව වැඩි කරන ලෙස ඉල්ලා එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට සහ ආණ්ඩුවට  සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබා දීමට ජනාධිපතිවරයාගේ අකමැත්තක් නොමැති බව ප්‍රකාශ වි ඇතැයිද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.