NewsSlider කරූට අපේක්ෂකත්වය දුන්නොත් එජාප පසුපෙළ මන්ත්‍රීන් 18ක් එජාපයෙන් ඉවත්වීමට තීරණය කරයි. March 25, 2019 Kamal Dhammika ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තේරීම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් සීමා වීම පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් ප්‍රහාරයක් බව එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරයි. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙන්ම එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට ද අවස්ථාව ලබා දිය යුතු බවයි. එහෙයින් ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීමක් සිදු කිරීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත. මේ වන විට පළ වන ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එජාප ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කරු ජයසූරිය මහතා බවයි. එහෙත් එය පක්ෂ නායකත්වයේ හිතුමනාපයට ගත් තීරණයක් පමණක් බවත්, එය පක්ෂයේ අභිමතය නොවන බවත් ඔවුන් පෙන්වා දේ. ඇතැම්විට පක්ෂ නායකයින් තමන්ගේ මතයට එකඟ නොවන තත්ත්වයක් උදා විය හැකි බවත්, එසේ වුවහොත් එජාප පසුපෙළ මන්ත්‍රීන් 18 දෙනෙකු මේවන විටත් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් පසුවන බවද අදාළ මන්ත්‍රී කණ්ඩායම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. Post Views: 964 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print