ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විල්පත්තුව විනාශ කලේ මහින්ද – අපි බිම් අගලක් කාටවත් දුන්නේ නෑ – ජනපති සිරිසේන

ගත වූ වසර හතරක කාලයේදී එනම් තමා බලයට පත්වූ පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුටත් දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී ඊයේ (23) පැවසීය.
රාජපක්ෂ පාලනය තුල විල්පත්තුව ආශ්‍රිත රක්ෂිත වනාන්තර විනාශ කිරීමට කටයුතු කලද 2015න් පසු කිසිදු පුද්ගලයකුට හෝ සංවිධානයකට විල්පත්තු රක්ෂිතයේ ඉඩම් දී නැතැයි ද ජනාධිපතිවරයා මෙමගින් අවධාරණය කරන ලදි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීම වෙනුවෙන් මහනුවර දළදා මාළිගාව අභියස පැවති උත්සවය අමතමිනි.
යුද්ධය අවසන්වීමෙන් පසු නැවත ජනයා පදිංචි කිරීම සදහා පුත්තලම – මන්නාරම් මාර්ගය දෙපස ඉඩම් එළිකිරීමත් සමගය. ඒ හරහා විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු රක්ෂිත වනාන්තර වලට හානී සිදුවීම රාජපක්ෂ පාලන සමය තුල සිදුවිය.