ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දගේ සහ සිරිසේනගේ හිටපු ඇමතිවරු 19ක් බලහත්කාරයෙන් නිලනිවාස අයිතිකරගෙන.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කිහිපවරක් දැනුම් දුන්නද හිටපු අමාත්‍යවරු 19 දෙනෙකුට ඔවුන්ගේ ධුර කාල සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වේ.

අලුතින් පත් වු අමාත්‍යවරු 20 දෙනෙකු මේ වන විට නිල නිවාස ඉල්ලා ඇති නමුත් හිටපු අමාත්‍යවරු මෙලෙස තවමත් නිල නිවාසවල රැඳි සිටීම නිසා එම නව අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීයෙකු පුවත්පතකට ප්‍රකාශයක් කර ඇත.

අමාත්‍යවරුන් නිල නිවාස ලබා දෙන්නේ ධූරය සදහා බැවින් ඉවත්වූ විට ඒවා නැවත භාරදිය යුතු අතර නිවසින් පිටවීම සඳහා කෙටි කාලසීමාවක් ගත හැකි වුවත් මෙසේ දීර්ඝ කාලයක් බලහත්කාරයෙන් රැඳී සිටීම ගැන ගැටලුවක් පවතින බව එම නිලධාරියා පවසා ඇත
අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා දෙන්නේ එහි කුලිය ලෙස වැටුපෙන් සියයට 10ක ප්‍රමාණයක් අයකර ගැනීමෙන්  පසු වුවද ධුරයෙන් ඉවත් වූ පසු මෙම අමාත්‍යවරු 19 දෙනා අතරින් කිහිපදෙනෙක් පමණක් එම කුලිය ලබාදීමට කටයුතු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි