ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මර්වින් එජාපෙන් හම්බන්තොට – ආසන සංවිධායක ධූරයකුත් ලැබෙයි.

හම්බන්තොට එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයක් සදහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පත්කිරීමට නියමිත බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. මේ සම්බන්ධව පක්ෂ නායකත්වය ඇතුළු ප්‍රධාන පෙල නායකයන් එකගව ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර මර්වින් සිල්වා මහතා මෑත දිනයකදී කතරගම වැඩිහිටිකන්ද පුදබිමට ගොස් භාර වී පුද පූජා පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වේ.

ඊට සමගාමීව මර්වින් සිල්වා මහතා කතරගම ප්‍රදේශයේ තම ක්‍රියාකාරකම් වැඩි වශයෙන් යොදා ගෙන ඇති බවද දැනගන්නට ඇත.

ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ ඔහු සිරිසේන ජනාධිපති සහ නීති විරෝධී ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය වූ මහින්ද රාජපක්ෂ දැඩිව විවේචනය කල අතර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහය පලකර සැලකිය යුතු මැදිහත් වීමක් සිදුකලේය.