ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

‘ගෝඨාට මං අපේක්ෂකත්වය දෙන්නෙ නෑ… ගාණට කරකවලා වෙලාවට මගෙ අතට ගන්නම්’ – මහින්ද රාජපක්ෂ

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහුට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීම පිළිබඳව මහින්ද මහතාගේ පවුලේ සියළුම සාමාජිකයින් පාහේ විරෝධය පළ කර තිබිණි.

වයින් වීදුරු කිහිපයකින් ද සප්පායම් වී සිටි මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට පිළිතුරු දෙමින් “හරි, හරි. මං වැඩේ කර ගන්නම්. ඕක මං කීයටවත් ගෝටාට දෙන්නෙ නෑ. ගෝටාට ටික දුරක් ඔහොම යන්න දෙන්න ඕනෑ. එහෙම එක තැනකට එනකල් ගෙනල්ලා මිනිහව ගාණට අත ඇරලා මංම ආපහු වැඩේ බාරගන්නවා” යනුවෙන් පවසා ඇත.

මෙහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය “ඔය මොනවා කිව්වත් මං එකක් කියන්නම්. ඕක වෙන කාටවත් දෙන්න එපා. මං ජනාධිපතිවරණෙට ඉල්ලන්නම්” යනුවෙන් යෝජනා කර තිබේ.

ඇය දෙස දෑස් ලොකු කර බලාසිටි මහින්ද රාජපක්ෂ මහතා “ඔයා ලෑස්ති වෙන්නෙ මගෙ සිංහල බෞද්ධ ඡන්ද ටිකට කෙළවන්නද ? ඔයා ඉල්ලුවොත් එක සිංහල බෞද්ධ ඡන්දයක්වත් හම්බ වෙන්නෙ නෑ. ඔයා මේ පල්ලිය බදාගෙන ඉන්නෙ කියන්න රටම දන්නවා. අනිත් පැත්තෙන් එවුන් ෆේස්බුක් එකෙන්ම ඡන්දෙ දිනයි. ඕක හරියන්නෙ නෑ” යි පිළිතුරු දී ඇති අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය එතැනින් එහාට යමක් කතා නොකර නිහඬ වී ඇත.

කතාව අවසන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා යළිත් අවධාරණය කර තිබුණේ “ඔය කට්ටිය කලබල නොවී ඉන්න. මං අවුරුදු පනහක් දේශපාලනය කරපු මිනිහෙක්. ගෝටලාට, බැසිල්ලාට මට තරම් අත්දැකීම් නෑ. මං ගාණට හැමෝම කරකවලා අන්තිමේ වැඩේ මගෙ අතට ගන්නම්” යනුවෙනි.

මේ අතර ගෝඨාභය රාජපක්‍ෂ මීට දින කිහිපයකට පෙර තමන් ජනාධිපති අපේක්‍ෂකයා විය හැකි බවත් තමන්ට සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගත හැකි බවත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂට අපේක්‍ෂකත්වය ලබාදීමට තමා එකඟතාව පළකර නොමැති බවත් මාධ්‍ය වාර්තා සහ එකිනෙකා පවසන කරුණු අසත්‍ය බවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හටද පසුගියදා දැනුම්දී තිබුණි. ඒ අනුව “ප්‍රසිද්ධ වෙමින් තිබෙන ආරංචි නිවැරැදි නැහැ. ගෝඨාභය තෝරා ගැනීමට රාජපක්‍ෂ පවුල තීන්දුවක් ගෙන නැහැ. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පණිවුඩයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදී තිබේ.

ඉකුත් සතියේ දේශපාලන කරළියේ ප්‍රබලතම ප්‍රවෘත්තිය බවට පත්වූයේ ගෝඨාභය රාජපක්‍ෂට අපේක්‍ෂකත්වය ලබාදීමට මහින්ද රාජපක්‍ෂ එකඟතාව පළකර තිබෙන බවය. ප්‍රබල පුවත්පත්වල එම ප්‍රවෘත්තිය පළවීමත් සමඟ ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටින මන්ත්‍රීවරු දැඩි ලෙස කලබලයට පත් වූහ. අභ්‍යන්තර වශයෙන් ශ්‍රීලනිපයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතවාදී ගැටුමක් ද නිර්මාණය වීය.