ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විමල් නැවතත් ඇනගනී..! “මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙන්න” – සාගලගෙන් අභියෝගයක්

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අභියෝග කළේය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් අරලිය ගහ මන්දිරියේ ස්ථාපිත කර ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි ආයතනයක් අරලිය ගහ මන්දිරයේ නොමැති බව සාගල රත්නායක මහතා සඳහන් කළේය. එයට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා සඳහන් කළේ කාර්යාලයක් ඇති බවට තමන්ට ඔප්පු කර පෙන්විය හැකි බවයි.

නැවතත් සාගල රත්නායක මහතා සඳහන් කළේ එවැනි කාර්යාලයක් නොමැති නම් විමල් වීරවංශ ඉල්ලා අස්විය යුතු බවයි. කෙසේ වෙතත් එම අභියෝගය හමුවේ ඉන් අනතුරුව වීරවංශ මහතා නිහඩවිය. මෙහිදී ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින බව සාගල රත්නායක මහතා දැඩිව අවධාරනය කරන ලදි.