කෑම ප්රමාදවී කැකිරාව පොහොට්ටුවේ සභාපති අවන්හල් හිමිකරුට, ගැබිණි බිරිඳට අමානුෂික ලෙස පහරදීලා.
සභාපති ඇතුළු සිව් දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හබරණ පොලිසියට එහි හිමිකරු වන සම්පත් විජේකුමාර මහතා විසින් පැමිණිලි කර තිබේ.
ඉකුත් 07 දින පස්වරු 5.00 ට පමණ කැබ් රියෙන් පැමිණ ඇති සභාපතිවරයා වාහනයේ අසුනේ සිටියදීම අවන්හලේ එම අවසථාවේ සිටි වියපත් කෙනෙකුගෙන් කට ගැස්මක් ඇත්දැයි විමසා ඇත. එවැනි දේවල් අලෙවි කිරීමට නොමැති බව පැවසීමෙන් පසු මුදල් නොගෙවා Fried Rice එකක් ඇනවුම් කර ඔවුන් පැමිණි කැබ් රිය පිටත්ව ගොස් තිබේ. එහි හිමිකරු ප්රසන්න Fried Rice එක පිළියෙළ කර පැය තුනක් පමණ කාලයක් ගිය පසු ඇනවුම් කළ සභාපතිවරයා ඇතුළු පිරිස නොපැමිණීම නිසා වෙනත් අයෙකුට එය අලෙවිකර ඇත.
රාත්රී 8.40 ට පමණ අධික ලෙස බීමත්ව පැමිණ ඇති සභාපතිවරයා ඇනවුම් කරන ලද Fried Rice එක ඉල්ලා ඇත. එහිදී ප්රසන්න මහතා සභාපතිවරයා පැමිණීම ප්රමාදවීම නිසා එය අලෙවි කළ බවත් කඩිනමින් යළිත් එකක් පිළියෙළ කරදිය හැකි බව පැවසීමත් සමග සභාපතිවරයා පැමිණි වාහනයෙන් බැස ඇනවුම භාරදුන් වියපත් පුද්ගලයාට පළමුවෙන් බැනවැදී පහරදීමට උත්සාහ දැරීමේදී අවන්හල් හිමිකරුගේ බිරිඳ මැදිහත්ව තිබේ. අටමස් ගැබිණි මවටද දැඩි ලෙස පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමත් සමග අවන්හල් හිමිකරු මැදිහත්වීමෙන් පසු ඔහුටද පරුෂ වචනයෙන් බැන වැදී පහරදී තිබේ,
පසුව අවන්හල් හිමිකරු විසින් තමාට, බිරිඳට සහ වියපත් මාමාට තම දියණියන් තිදෙනා හා විදේශිකයින් ඉදිරිපිටදී පරුෂ වචනයෙන් බැනවැදී පහරදීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ පිළිිබඳව හබරණ වැඩ බලන පොලිස් ස්ථානාධිපති කුලතුංග මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම පැමිණිලි කර ඇති බවත් කැකිරාව සභාපතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බවත් වෙනත් පිරිසකට විරුද්ධව ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසිය.
(දිවයින)