ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘අල්ලස් කොමිසම අක්‍රීය කලේ ජනාධිපති සිරිසේන’ – අනුර කුමාර දිසානායක

අල්ලස් කොමිසම අක්‍රීයවීම ගැන ජනාධිපතිවරයා වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.  ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ජවිපෙ නායකයා මේ බව මේ බව පැවසීහ.

එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂී ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉවත් කිරීමට බලපෑ හේතුව කුමක්ද යන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හෙලිදරව් කළ යුතු බවද එහිදී මන්ත්‍රීවරයා එහිදී පැවසීහ. දිල්රුක්ෂී ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉවත් කිරීමෙන් පසු අල්ලස් කොමිසම දේශපාලකයන්ට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමෙන් එය දේශපාලන හස්තයකට හසුව ඇති බව පෙනෙන්නේ යැයිද අනුර දිසානායක මහතා කීවේය.

වත්මන් ජනාධිපතිවරයා සිය දූරකාලය තුල කිහිප වරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි කී මන්ත්‍රීවරයා එය ශ්‍රේෂ්ඨාධිකරණය ද තහවුරු කර ඇති බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.