ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookForeignSlider

අභිනන්දන්ගේ ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන්නැයි නියෝගයක්.

පාකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් නියමුවාගේ ඡායාරූප සහිත දැන්වීම් ෆේස් බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන ලෙස ඉන්දියානු මැතිවරණ කොමිසම නියෝග කර තිබේ. ඉන්දීය හමුදාවේ විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන්ගේ ඡායාරූප සහිත දේශපාලන පෝස්ටර් දෙකක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

දේශපාලන අරමුණු වෙනුවෙන් හමුදා නිලධාරීන් භාවිතා නොකරන්නැයි මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා ඇත. පාකිස්ථානය විසින් ගුවන් නියමුවා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔහු වීරවරයෙක් ලෙස හදුන්වමින් ඉන්දියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණි.

මැතිවරණ සමයේ සිදුවන අයථා භාවිතයන් වැළැක්වීමට අප කැපවී සිටින බව ඉන්දීය මැතිවරණ කොමිසමේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆේස්බුක් ප්‍රකාශකයෙක් පවසුවේය.