ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වව්නියාව නගරයේ පදික මාරුවේදී මවක් හා කුඩා දරුවෙක් ලොරි රථයක ගැටෙයි

මවක් කුඩා දරු‍වා වඩාගෙන පදික මාරුව හරහා මාරුවන අවස්ථාවේ වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට අධික වේගයෙන් ගමන්ගත් ලොරි රථයක මවගේ හා දරුවාගේ ගැටී ඔවුන් දෙදෙනාම තුවාල ලබා ඇති බව වාර්තාවේ.

වව්නියාව නුවර ප්‍රධාන මාර්ගයේදී ඊයේ(13) සවස අදාළ අනතුර සිදුව ඇති අතර, අනතුරින් ලොරි රථයේ ගැටුණු මවක් හා කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි. අදාළ අනතුර වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ඉඳිරිපස පදික මාරුවේදී කුඩා ලොරි රථයක් මවක් හා දරුවෙකු අනතුරට ලක් කරන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.

අනතුරින් වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවක් වන සින්නප්පු පුන්සලාමේරි නමැති කාන්තාවක් හා ඇයගේ වයස අවුරුදු දෙකක් වන දරුවා තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසීය. පොලීසිය පැවසූවේ ලොරි රථයේ මව හා දරුවා ගැටීමෙන් අනතුරුව මව හා දරුවා විසිවි ගොස් ඇති අතර, ලොරි රථය විසිවි ගිය දරුවාගේ සිරුර යටකරගෙන යන ආකාරය සිසිටිවි දර්ශන මඟින් දැක ගත හැකි බවයි.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.