ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අධික වේගය එක් අයෙකුට මරු කැඳවයි- බරපතල තුවාල ලැබූ තිදෙනෙක් රෝහලේ.

පොලොක්කරුව, ගිරිතලේ-බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 23, කොට්ටපිටිය ප්‍රදේශයේ දී අද (13) අළුයම 1.30ට පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අත්තනකඩවල. දිග්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදාවේ සේවයේ නියුතු වයස අවුරුදු 23ක තරුණයෙකි.

අනතුරෙන් තුවාල ලැබු  කාන්තාවන් දෙදෙනෙකු සහ තරණයෙකු පොළොන්නරුව රෝහලට ප්‍රතිකාර ප්‍රථිකාර සදහා යොමුකර ඇත. අනතුරින් තුවාල ලැබු තරුණයා වැඩිදුර ප්‍රථිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇත. තුවාල ලැබූවන්ගේ තත්ත්වය ද බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

විවාහ මංගල උත්සවයකට සහභාගීවි නැවත පැමිණෙන විට අධික වේගය හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බකමූණ පොලීසිය සඳහන් කර සිටියි.