ගොවීයෝ දැන් මහසෝනාට වඩා කීඩෑවාට බයයි – පරිසරවේදී තිලක් කන්දේගම
වර්තමානයේ ගොවීන් මහසෝනාට වඩා කීඩෑවාට බිය වී තිබෙන බවත් රටේම වී වගාවට කීඩෑ උවදුර පැතිර යාමේ වගකීම රජයේ නිලධාරීන් සහ විවිධ සමාගම් වගකිවයුතු යැයි පරිසරවේදී තිලක් කන්දේගම මහතා පවසයි. ඒ මහතා මේ දිනවල කීඩෑ උවදුර බහුලව පවතින කුඹුරු යායවල්වලට ගොස් එහි ගොවීන් දැනුවත් කරමින් කීඩෑ උවදුර කඩිනමින් මර්දනය කිරීම සඳහා සිටින කෘමියෙකු පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මේ සඳහා තිලක් කන්දේගම මහතා සමඟ ගොවිබිම් වලට ගොස් ගොවීන් ඒකරාශී කර දීම සිදුකර ඇත. ඒ අනුව (12) පස්වරුවේ දඹුල්ල කණ්ඩලම අතුපාරයාය ප්‍රදේශයේ කීඩෑ උවදුරෙන් විනාස වූ කුඹුරු වගාවන් සොයා බැලීම සහ ගොවීන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
එහිදී පරිසරවේදී තිලක් කන්දේගම මහතා කියා සිටියේ මෙම කීඩෑ උවදුර මර්දනය කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් කිසිදු උනන්දුවකින් ක්‍රියා කරන බවයි. ඊට හේතුව විවිධ සමාගම් වල අවශ්‍යතාවයන් ඉටු කරමින් නිලධාරීන් සිටින නිසාවෙන් බව ඒ මහතා පවසයි. ගොවීන්ට නවම් මාසයේ ගොයම් කපන්නට ඉඩ දුන්නේ නම් මෙවැනි කීඩෑ උවදුර කිසිසේත් නොවන බව හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ජලය නිකුත් කිරීමේදී හිතාමතා සිදුකරන ප්‍රමාදයක් නිසා ගොවීන්ට විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුව තිබෙන බවයි.
මේ පිළිබඳව පසුගියදා බලධාරින් දැනුවත් කර ද කිසිදු පිළිතුරක් නොවන බවය ජලය කෘෂිකර්මාන්තයට අංක එකට ලබා නොදී වෙනත් දේ සඳහා යොදාගැනීම රජය සිදුකරන බවත් ඔහු චෝදනා කළේය.