මහින්දගේ මන්ත්‍රීවරු විශාල පිරිසක් අයවැය ඡන්ද විමසීම මගහරී..! පක්ෂව ඡන්ද 119යි – විපක්ෂව 76යි.
අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට ටික වේලාවකට අවසන් විය. නමුත් ඡන්දය විමසන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන පාර්ශ්යව නියෝජනය කරන මන්ත්‍රීවරු 30ක් සභාගැබේ නොසිට ජන්දය දීමෙන් වැලකී සිටින ලද. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ශ්රීලනිපයද අයවැයට විරුද්ධව ඡන්දය දෙන බව මීට පෙර සිටම ප්‍රකාශකර සිටි නමුත් අවසාන මොහොතේ මන්ත්‍රීවරු තිස්දෙනෙක් මෙසේ ඡන්දයදීමෙන් වැලකී සිටින ලදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරය අයවැය ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේදී සභා ගර්භයේ සිටියේ නැත.
මෙහිදී සිදුවු විශේෂ සිදුවීම වන්නෙ මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි ඊපිඩිපි සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා මෙන්ම පසුගිය දේශපාලන කුමන්ත්රණයේදී එජාපයෙන් ඉවත්වී රාජපක්ෂ මහතා සමඟ එක්වු අතුරලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ හා අසෝක ප්‍රියන්ත යන මන්ත්‍රිවරුද මහින්ද රාජපක්ෂ මහතා හා එක්නොවී අද දින අයවැයට ඡන්දයදීමෙන් වැලකී සිටීමයි. එමෙන්ම රාජපක්ෂ මහතා සමග මෙකෙත් කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගන් තොණ්ඩමන් හා මුත්තු සිවලිංගම් යන මන්ත්‍රීවරු ආණ්ඩුව හා එක්වෙමින් මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන ලදි.
අය වැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 76ක් පමණි. ඒ අනුව අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මත විය. ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරයි.






