සංධානය ගොඩනැගීම අර්බුදයක – මෛත්‍රීගේ හා මහින්දගේ ගෝලයෝ එළිපිට ගැටෙති.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව ජනපති සිරිසේනගේ ශ්‍රිලනිප සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව අතර දැඩි මතභේදයක් මතුව ඇති බවත් එය මේ වන විට ප්‍රසිද්ධියේ දේශපාලන වේදිකාවටද පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ගැටුමේ මූලාරම්භය ජනාධිපති සිරිසේන ට එලැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබාදීමට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දැඩි විරෝධයක් පළකිරීම බවයි වාර්තාවන්නේ.
ශ්‍රීලනිප බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පොහොට්ටු පක්ෂය සම්බන්ධව දැක්වූ අදහස් ජනාධිපති සිරිසේනගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවද පොහොට්ටු පාර්ශවයේ අදහස වී තිබේ. එම ජනහමුව අමතමින් ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බැසිල් රාජපක්ෂ මහතාට නම නොකියා දැඩි විවේචනයක් එල්ල කරනු ලැබිණ. එසේම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂවද හෑල්ලුවට ලක්කර අදහස් දැක්වීය.
ඒ හොදට දේශපාලන සූත්‍ර දන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 45ක් තුල මහින්ද රාජපක්ෂ මහතාට හතර ගාතෙන් වැටෙන්න කෙලලා ඇරිය බව පවසමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් ක්රමානකූලව ජන ප්‍රසාදය වැඩි කර ගනිමින් සිටින බවත් තවත් මාස තුන හතරකින් තත්වය බලාගත හැකි බවත් පොහොට්ටුවක් හදාගෙන ගියද අද මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය මෙන්ම මන්ත්‍රී ධුරයද රැක දුන්නේ සන්ධාන මහ ලේකම්වරයා බව මතක තබා ගත යුතු යයිද ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.
මීලග ජනාධිපතිවරණය ජයගැනීමට නම් ශ්රීලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් විය යුතුම බවත් එසේ නොවුනහොත් ජනාධිපතිවරණය පරාජය වන බවත් පැවසූ මහ ලේකම්වරයා තනියෙන් දිනාගත හැකි යයි කිසියම් ඔලමොට්ටලයෙක් කියන්නේ නම් තනියම ගොස් දිනාගන්නැයි කියන බවත් පැවසීය.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ දෙසැම්බර 07 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් බව එම පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ජනාධිපති සිරිසේනගේ පාර්ශවය දැඩි අවධානයක් යොමුකර ඇති බවයි. පොදුජන පෙරමුණ පක්ෂයේ කළුතර දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය අමතමින් බැසිල් රාජපක්ෂ මහතා ඉහත ප්‍රකාශය සිදුකළ අතර තම අපේක්ෂකයා ස්ථිරවම එම මැතිවරණයෙන් ජයගන්නා බවත් ඔහු දෙසැම්බර 09 වැනිදා ජනාධිපති ලෙස දිවුරුම් දෙන බවත් ඔහු එහිදී පවසා තිබිණ.
මේ අතර අද මහින්ද රාජපක්ෂ මහතාද මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කලේ සෑම මැතිවරණයකදීම අපේක්ෂකත්වය පොහොට්ටුව හරහා සිදුකරන බවයි.